25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ විලකට සංචාරකයන් 16ක් රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටිලා

රුසියාවේ විලකට සංචාරකයන් 16ක් රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටිලා

8 දෙනෙක් මුදාගැනෙති

රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේ විලකට සංචාරකයන් 16 දෙනකු රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටී ඇතැයි එරට නිලධාරීහු පවසති. හදිසි ආපදා අමාත්‍යාංශය උපුටා දක්වන රුසියානු මාධ්‍ය පවසන්නේ විපතට පත් 8 දෙනෙක් මුදාගැනීමට හැකි වී ඇති බවයි. ළමයකු ඇතුළු සංචාරකයන් දහතුන් දෙනකු ද කාර්ය මණ්ඩලයේ තිදෙනකු ද මේ හෙලිකොප්ටරයේ සිට තිබේ. එම්අයි 8 වර්ගයේ මේ යානය කම්චැට්කා ප්‍රදේශයේ කුරිල් විලේ ගිලී ගොස් තිබේ. විට්යාස් එරෝ සමාගමට අයත් මේ හෙලිකොප්ටරය එම විලේ මීටර් සීයක් ජලය යට පතුලේ තැන්පත්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරයි. මූලික වාර්තා අනුව මේ යානය අනතුරට පත්වන විට නිකොලයෙව්කා ගම්මානයේ සිට කුරිල් විලට සහ ඛොඩුට්කා ගිනි කන්දට සංචාරයක නිරත වී තිබූ බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියයි.