35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇෆ්ගනිස්තාන් හමුදාවේ ප්‍රධානියා සේවයෙන් පහ කරයි

ඇෆ්ගනිස්තාන් හමුදාවේ ප්‍රධානියා සේවයෙන් පහ කරයි

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සටන්කාමීන් රජයේ පාලන ප්‍රදේශ වේගයෙන් අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණෙද්දී එරට බලධාරීන් රජයේ හමුදාවේ ප්‍රධානියා සේවයෙන් පහකර තිබේ. ඊයේ (12දා) වන විට එරට ප්‍රාන්ත 34න් 10ක බලය සටන්කාමීන් අතට පත් වී තිබේ. රටේ ජාතික අගනගරය වන කාබුල් වෙත ගමන් කරන මාර්ගය ඇති ක්‍රමෝපායන් වශයෙන් වැදගත්කමක් ඇති ඝන්සි නගරයේ බලය ද තමන් අල්ලාගත් බව තලෙයිබාන් සටන්කාමීහු පවසති. එරට ජනාධිපති අෂ්රෆ් ඝානි පසුගියදා උතුරේ පිහිටි තලෙයිබාන් විරෝධී නගරයක් වන මසාර්-අයි-ෂරීෆ් වෙත ගොස් රජයේ හමුදාවල ‍ධෛර්යය නැංවීමට කටයුතු කළේය. හමුදාපති වාලි මොහොමඩ් අහ්මඩ්සායි තනතුරේ වැඩ භාරගත්තේ පසුගිය ජූනි මාසයේ දී ය. ඔහුගේ අනුප්‍රාප්තිකයාට තලෙයිබාන් සටන්කාමීන් රටපුරා සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ පහරදීම්වලට එරෙහිව කටයුතු කිරීමට වගකීම පැවැරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව පසුගිය මාසයේ දී එරට සිවිල් වැසියන් දහසකට වැඩි පිරිසක් ඝාතනයට ලක් වී තිබේ.