ගල් පහළට වැටීමෙන් මුදාගැනීම්වලට බාධා
උතුරු ඉන්දියාවේ හිමාලයන් දිස්ත්‍රික්කයේ ඊයේ (12) ඇති වූ නායයාමකින් 13ක් මියගොස් තවත් පිරිසක් සුන්බුන් අතර සිර වී තිබේ. හිමාචල් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක්, බස් රථයක් සහ තවත් වාහන කීපයක් මත සුන්බුන් පතිත වී තිබේ. එක දිගට ගල් කැබලි පහළට වැටීමට පටන්ගත් බැවින් මුදාගැනීමේ කටයුතුවලට බාධා පැමිණි බව ද දැනගන්නට තිබේ.
අනපේක්ෂිත පරිදි තදබල මෝසම් වැසි ඇද හැලීම නිසා පසුගිය මාස කීපයේදී ම ඉන්දියාවේ ප්‍රදේශ රැසක නායයාම් ඇති විය. 200කට වැඩි හමුදා නිලධාරීන් පිරිසක්, ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ සහ දේශසීමා පොලීසියේ පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම්වලට යොමුකර ඇතැයි බලධාරීහු පවසති.


