― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේක දේශපාලන වාසි ගන්න වෙලාවක් නොවෙයි

මේක දේශපාලන වාසි ගන්න වෙලාවක් නොවෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිර යාම සමග රට තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සුවදායි රටක් වෙනුවෙන් එසේ ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් වැඩසටහන් පිළිබඳව විපක්ෂය නිරතුරුවම චෝදනා එල්ල කරනු ලබයි. මේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ කතා බහකි.

මේ දිනවල ඔබගේ දේශපාලන කටයුතුවල තත්ත්වය කෙසේද?

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වය යම් අඩාල වීමක් තිබෙනවා. එයට හේතුව සමාජ දුරස්ථභාවයක් තබා ගැනීම, සෞඛ්‍ය ගැටලු සහ විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය සමාජගත වීම විශේෂ ප්‍රශ්නයක් වී තිබීම. මේ නිසා අපගේ බිම් මට්ටමේ සංවිධානය ජාලය එකතු කිරීමේ ප්‍රමාදයන් තිබෙනවා. නමුත් අපි ඒවාට මුල් තැන දෙන වෙනවා වෙනුවට ජනජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිදු වෙන ක්‍රියාවලිය පිළිබඳ අවධානයෙන් සිටිනවා.

කොවිඩ් පාලනය සඳහා විපක්ෂය විදිහට කුමන කාර්යභාරයකද නිරතව සිටින්නේ?

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්ය සාධන බළකායක් පත් කර තිබෙනවා. මේ කාර්යසාධන බළකාය දැනටමත් පියවර ගනිමින්නේ සිටින්නේ. කොවිඩ් සමාජගත වීම වේගවත් වීමත් කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද වීමත් හේතු කොට ගෙන යම් අර්බුදකාරී තත්ත්වයක රට තිබෙන්නනේ. අපේ රටේ කොවිඩ් පාලනය කර ගැනීමට ගන්නා උත්සාහයේ යම් අඩු පාඩුවක් තිබෙන බව පැහැදිලියි. ඒකට හේතුව හැටියට අප දකින්නේ එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම. මේ මොහොත වන විට එන්නත්කරණයේ යම් ආරම්භයක් තිබෙනවා. නමුත් මීට පෙර අප ආරම්භ කළා නම් මේ භයානක තත්ත්වයෙන් වළක්වා ගැනීමට තිබුණා. කොහොම වුණත් මේ මොහොතේ කාරනා දෙකක් සිදු කළ යුතුයි කියලා අප සිතනවා. එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කිරීම සහ ඒවා නිසි පරිදි ගම් නියම් ගම්වලට යැවීම. සමාජ ආරක්ෂණය තකා යම් ආකාරයක රටේ ලොක්ඩවුන් තත්ත්වයක් ඇති කිරීම හොඳයි කියලා. මේක ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවන බව අපට තේරුම් ගන්න පුළුවන්. රටක් වසා තැබීම නිසා ආර්ථිකයට වන පාඩුව සහ අපි වගේ රටකට මේකට මූණ දෙන්න තියන දුෂ්කරතාවය. නමුත් අප පළමුව කළ යුතුව තිබෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීමත ජනජීවිතය රැක ගැනීම වෙනුවෙන් සමහර විට රටේ ආර්ථිකය සහ අනෙකුත් කටයුතු කල් දමන්නට සිදු වේවි. උදාහරණයක් විදිහට අපේ අපනයන ක්‍රියාවලිය, අනෙකුත් කර්මාන්ත, යම් ව්‍යපාර අඩාල වෙලා තියෙනවා. නමුත් මේක ලෝක වසංගත තත්ත්වයක්. නමුත් බිඳ වැටෙන ආර්ථිකය හා අනෙකුත් කටයුතු යළි නඟා සිටුවීමට නිශ්චිත ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අපට පුළුවන් කමක් තිබිය යුතුයි. මේ කාරණය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළවෙළක් කෙරෙන බව අපට පෙනෙන්නට නැහැ.

සමඟි ජන බලවේගය හැටියට මූලික වී ක්‍රියාත්මක කරන සුබ සාධක වැඩපිළිවෙළක් තිබෙනවා. එය අප කරන්නේ අපට උදව් කරන පරිත්‍යාගශීලීන්ගේ හා අපේ විදේශ ශාඛා අන්තර්ජාතික ජාලයේ උදව් ඇතිවයි. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින රෝගීන් වෙනුවෙන් රෝහල් උපකරණ දීමේ වැඩපිළිවෙළක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් නිවාරණය සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා පමණයි කියන චෝදනාව විපක්ෂයට නැගී තිබෙනවා?

මේ වගෙ චෝදනා නැගෙනවා මාත් දුටුවා. අඩු පාඩු පෙන්වා දීම හා ජනතාව නගන මූලික ප්‍රශ්න හා ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන අවධානය යොමු කරමින් ආණ්ඩුවට පණිවිඩයක් යැවීමට අපට පුළුවන්කම් ලැබෙන්නට ඕන. ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. ඒ නිසා තමයි විපතට පත් වුණු ජනතාවගේ ප්‍රශ්න නිරන්තරයෙන් අප කතා බහට ලක් කරන්නේ හා ආණ්ඩුවට පෙන්වා දෙන්නේ. විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සෑම පාර්ලිමේන්තු වාරයකදීම ආණ්ඩුවේ අවධානය යෙමු කරන්නේ ඒ නිසයි.

අප ආණ්ඩුව කියන්නේ මේ තත්ත්වය ජාතික ප්‍රශ්නයක් හැටියට ගන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නොවන බව අප දන්නවා. ඒ නිසා කළ යුතුව තිබෙනනේ සෑම දෙනාගේම සහයෝගය අරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන එක. ආණ්ඩුව යම් ආකාරයක‌ නොසලකා හැරපු පැත්තක් තිබෙනවා. ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා නායකයන් සියලු දෙනා ඒකට ඒකතු කරගෙන උත්තරයක් සෙවීමට උත්සාහ කළා නම් සෑම දෙනාගේම දායකත්වය ඇති වැඩපිළිවෙළකට යන්න තිබුණා. එය ඵලදයී ක්‍රියාවලියක් වෙන්න තිබුණා. නමුත් ආණ්ඩුව ඒය හිතා මතා මඟ අරිනවා. ඒන්නත්කරණ ක්‍රියාවලිය හා යම් අයුරකින් කොවිඩ් මර්දනය කරගත හොත් ඒහි ගෞරවය ආණ්ඩුවට ගැනීම සඳහා, ඒනම් දේශපාලන ව්‍යාපෘතියක් හැටියට යොදා ගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. මේක දේශපාලන වාසි ගන්නා අවස්ථාවක් නොවන බව අප ඉතාමත් පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා අප ඉල්ලන්නේ අප සියලු දෙනා ඒකට එකතු වෙලා ‌මේ ගැටලුවට මුහුන දෙමු කියලා. අපි කැමති මුළු රටම සුවපත් වෙලා සිටිනවා දකින්න.ඉදිරි මාස කිහිපය ඇතුළත රට නැවත යථා තත්ත්වයට පත් වෙනවා දකින්න අප කැමතියි. මේක අවුල් වෙනවා දකින්න සමගි ජනබලවේගයේ අප කැමති නෑ. පළමුව රට හා ජනතාව ආරක්ෂා වෙලා ඉන්න ඕන. දෙවනුව අපට පුළුවන් දේශපාලනය කරන්න. ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන මේ දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි කියලා. අප සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ කටයුතු කරමු.‌ එය කොවිඩ් පාලනයට විතරක් සීමා නොවී කොවිඩ් නිසා බිඳ වැටුණු රට යළි ගොඩනැඟීමේ සඳහාත් කළ යුතු දෙයක්.

විපක්ෂය බෙදී යෑම පිළිබඳවත් අවලාද ඇහෙන්නට තිබෙනවා නේද?

දේශපාලනයේදී මති මතාන්තර, ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්. දැන් බලන්න ආණ්ඩුව ඇතුළේ කොයි කරම් ගැටලු තිබෙනවාද කියලා. බෙදීම් පිළිබඳ තර්ක කර කර සිටීම නෙවෙයි කරන්න ඕනෑ. කොහොම වුණත් මේ වෙද්දි මුළු රටම ආණ්ඩුව කෙරෙහි හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කෙරෙහි යම් කලකිරීමකින් ඉන්නේ. ඒකට හේතුව ජනාධිපතිවරණයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වුණු විනයක් රටේ ඇති නොවීම. ජනතාව බලාපොරොත්තු වුණු ජනතා සහන ජනතාවට ලැබුණේ නෑ. රට ජාතික වැඩපිළිවෙළකට අනුව ඉදිරියට යයි කියල විශ්වාස කළත් ඒ විශ්වාසයත් අද බිඳ වැටිලා. රට පාලනය කරන මැති ඇමැතිවරු පමනක් නෙවෙයි ඒ්වා පාලනය කරන නිලධාරීන් සඳහා යොදාගත් වියත්මග ක්‍රියාකාරීත්වය පවා අසාර්ථකයි කියලා ජනතාවට දැන් දැනිලා තිබෙනවා. මේ විදිහට රට තවදුරටත් ගියොත් රට අරාජික වීම වළක්වන්න බෑ. ඒ නිසා විපක්ෂයේ බෙදීම ගැන කතා කිරීම වැඩකට නැති කතාවක්. ආණ්ඩුව කළ යුතු වන්නේ ලැබී ඇති ජනවරම අනුව ජනතාව රැක බලා ගැනීමයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව නායකත්වය දෙන්න කියලයි අපි කියන්නේ.

දේශපාලන විකල්පයක් ලෙස සමගි ජන බලවේගය පිළි ගැනීමට සූදානම් කියල ඔබ හිතනවද?

සමගි ජන බලවේගය ඉතාම කෙටි කාලයකින් මේ රටේ දේශපාලන ව්‍යාපාරයට එක් වුණු වැඩපිළිවෙළක්. 2019 අවසාන භාගයේදි එය ආරම්භ කළේ. ඒක්සත් ජාතිකපක්ෂයේ නායකත්වය හා ඔවුන්ගේ වැඩපිළිවෙළ සමඟ එකට යෑමට නොහැකි වූ නිසා මේ සමගි ජනබලවේගය හැදුණේ. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඉතාම කෙටි කාලයක් ඇතුළත ආසන 54ක් ලබා ගත්තේ සමගි ජනබලවේගයේ අපියි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණය අපට ඉතාම තීරණාත්මකයි. අපි ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. බිම් මට්ටමෙන් දැනටමත් මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉදිරියේ පැවැත්වෙන ඕනැම මැතිවරණයකදී ආණ්ඩුවට අභියෝග කළ හැකියි කියලා.

රසිකා හේමමාලි