26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ දෛනික වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

රුසියාවේ දෛනික වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

රුසියාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ(12) වාර්තා විය. එම සංඛ්‍යාව 808කි.
 
ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එරට හඳුනාගැ‍නෙන ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
රුසියාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 21, 932දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට හැටපන්ලක්‍ෂ තිස්හතර දහස ඉක්මවා ගොස් ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. 
 
රුසියාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්‍ෂ හැට අට දහසකට අධිකය.