― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවසංගත පාලනයට නව නීතී -රීති සකස් කළ යුතු බව රනිල් පැවසුවා

වසංගත පාලනයට නව නීතී -රීති සකස් කළ යුතු බව රනිල් පැවසුවා

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

වසංගත පාලනයට නව නීතී-රීති සකස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

මාධ්‍ය හමුව අමතමින් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“වසංගත තත්ත්වයකදී තීන්දු තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුවට පවරමින් වසංගත පාලනයට අලුතින් හදිසි පනතක් ගෙන ඒමට යන බව අද මාධ්‍ය වාර්තා කර තිබුණා. නව නීතීවල අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ කොවිඩ් ආසාධිත චීන කාන්තාව මෙරටින් හඳුනා ගත් අවස්ථාවේදී. වසංගත රෝග නිවාරණය සම්බන්ධයෙන් තවමත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ 1897 දී සම්මත වූ පනතක්. එම පනත අනුව බලතල ඇත්තේ සෞඛ්‍ය අැමැතිවරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. ඉන්පසු 2005 දී ආපදා කළමනාකාර පනත සම්මත කර තිබෙනවා. ඒ අනුව ආපදා කළමනාකාර කමිටුවේ සභාපති ජනාධිපතිවරයායි. ඊට අමතරව අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු ආයතන ගණනාවක් එහි සාමාජිකත්වය දරනවා. මුලින්ම අපේ රටේදී චීන කාන්තාවක් කොවිඩ් රෝගියෙක් ලෙස හඳුනා ගත් අවස්ථාවේදී පැවති ආණ්ඩුවේ සාකච්ඡාවේදී වසංගත පාලනය සම්බන්ධයෙන් බලාත්මක නීතියක් නොමැති බැවින් අලුත් නීතී පැනවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා.”

ශිරෝමි අබයසිංහ