― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සීමිත ඕවර තරග සංචාරයක් සඳහා එක් වීමට නියමිත දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

මේ තරගාවලියට එක්දින සහ විස්සයි20 තරග 3 බැගින් ඇතුළත් වන අතර, ඒ අනුව ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනකු ඇතුළත් කර ඇත. විස්සයි20 සංචිතය ක්‍රීඩකයන් 19 දෙනකුගෙන් සමන්විතය.

ජ්‍යෙෂ්ඨ කඩුලු රකින මැද පෙළ පිතිකරුවකු වන ක්වින්ටන් ඩි කොක් මේ සංචාරයේදී එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ඔහු විස්සයි20 සංචිතයට පමණක් එක්ව සිටී. වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි ද පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබේ.

වෛද්‍ය හේතුන් මත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත සංචාර අහිමි වූ ඩ්වේන් ප්‍රිටෝරියස් මේ සංචිත ද්විත්වයටම කැඳවා තිබීම විශේෂත්වයකි. 32 හැවිරිදි ඔහු අන්තර්ජාතික එක්දින තරග 22කදී කඩුලු 22ක් බිඳ දමා ඇති අතර, විස්සයි20 කඩුලු 13ක් දවාගෙන ඇත්තේ තරග 14කට එක් වෙමිනි. මේ වසරේ පෙබරවාරි මස ලාහෝර්හිදී පාකිස්තානයට එරෙහිව අවසන් වරට විස්සයි20 තරගයකට එක් වූ ප්‍රිටෝරියස් 2019 වසරේ ජූලි මාසයෙන් පසු අන්තර්ජාතික එක්දින තරගවලට එක්ව නැත.

අයර්ලන්තයට එරෙහි තරගාවලියේදී දණහිසේ ආබාධයකට ලක් වූ ඩේවිඩ් මිලර් එක්දින සංචිතයෙන් ඉවත් කළ ද විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටී. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලබන මස 2 වැනිදා ආරම්භ වන දෙරට අතර, එක්දින තරගාවලියේ දෙවැනි තරගය 4 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය 7 වැනිදාත් පැවැත්වේ. විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 10, 12 සහ 14 දිනවල පැවැත්වෙන අතර, මේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරය සඳහා වන එක්දින සංචිතය – ටෙම්බා බවුමා (නායක), ජූනියර් ඩාලා, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලැසන්, ජෝර්ජ් ලින්ඩේ, ජැනේමන් මාලන්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, ටබ්‍රයිස් ෂම්සි, රසී වැන් ඩර් ඩුසෙන්, කයිල් වෙරීන්, ලීසාඩ් විලියම්ස්.

විස්සයි 20 සංචිතය – ටෙම්බා බවුමා (නායක), ක්වින්ටන් ඩි කොක්, බියෝන් ෆෝචුයින්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලැසන්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහරාජ්, සිසඳ මාගල, ඒඩ්න් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මෝල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, ටබ්‍රයිස් ෂම්සි, රසී වෑන් ඩර් ඩුසෙන්, ලීසාඩ් විලියම්ස්.