25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ඇමැතිවරියගේ උපදෙස් මත කොවිඩ් පාලනය කරන්න

සෞඛ්‍ය ඇමැතිවරියගේ උපදෙස් මත කොවිඩ් පාලනය කරන්න

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය ඇමැතිවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

“කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති වාතාවරණය පිළිබඳ අනාවරණය කරමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

කොවිඩ් ආසාදිත අය මරණයට පත්වන වේගය සලකා බැලීමේ දී මේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු පිළිබඳ අපට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. රටේ අවාසනාවකට කොවිඩ් සම්බන්ධයෙන් වැඩ කරපු විශේෂඥයන් රැල්ලෙන් රැල්ල පැත්තකට කළා. කොවිඩ් රැලි 4ක් එන කොටත් ඉතිරිවෙලා තියෙන්නේ ජනාධිපතිවරයා, හමුදාපතිවරයා සහ බුද්ධි ප්‍රධානියා විතරයි. ජනාධිපතිවරයාගෙන් ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ රටේ වෛද්‍ය විශේෂඥයන් කියන දේ අහන්න බැරි නම් ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න සෞඛ්‍ය ඇමැතිවරිය සහ කොවිඩ් රාජ්‍ය ඇමැතිවරිය කියන දේටවත් ඇහුම්කන් දෙන්න” කියා ඉල්ලා සිටියේය.