30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

වසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට ආසන්න කාලයක් පසුබෑමට ලක් වී තිබූ මෙරට රග්බි ක්‍රීඩාව යළිත් පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර, සුහද තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහත්වරුන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදාපති කුසලානය සඳහා පැවැත්වෙන මේ තරගාවලියේ දෙවැනි සුහද තරගය ලබන 20 වැනිදා මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.