රාජ්‍ය අැමැති විදුර වික්‍රමනායක
මේ වසංගත අවස්ථාව ඉතා අවදානම් බවත් ඒ අවදානම් අවස්ථාවේදී අපි එකිනෙකාට ඇඟිල්ල දික්කර දොස් පවරනවාට වඩා සියලු දෙනාම එකට එකතු වී මේ වසංගතයෙන් රට මුදා ගැනීමට වැඩ කිරීම වැදගත් බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අැමැති විදුර වික්‍රමනායක මහතා පැවසිය.
ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල උරුම පදනමේ විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
දැන් මිනිස්සු ඉන්නේ මරණ බයෙන්. ඇයි අපි මිනිසුන් මරණ බයට පත් කරන්නේ. එහෙම කරන්න හොඳ නෑ .අපිට පුළුවන් කමක් තියෙන්න ඕනෑ ආණ්ඩුවක් හැටියට ඒ අයගේ මේ මරණ බය නැති කරන්න.
මිනිසුන්ගේ ඉරණම තීරණය ගැන තීරණ ගන්න බැරි ආණ්ඩු තියෙනවා නම් ඉල්ලා අස්විය යුතුයි.
මේ ආණ්ඩුව තුළ ඒ වගකීම ගන්න බැරි අය ඉන්නවා නම් ඒ අය ඉල්ලා අස්විය යුතුයි.
මේ වසංගතය සහමුලින්ම නැති කරන්න ඕනෑ . නමුත් එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ මුළු ලෝකයම මේ රෝගයට යට වෙලා තියෙන නිසායි.එයාර්පෝට් වැනි ආයතන නැවත විවෘත කළ හොත් යළිත් මේවා එන්න පුළුවන්. ඒ සියල්ලටම සූදානම් වෙච්ච වැඩපිළිවෙළක් අපිට තියෙන්න ඕනෑ. ඒ වගේම නිසි ආකාර කළමණාකරණයක් තියෙන්නත් ඕනෑ.ඒ වගේ තමයි කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරිලා. මේවාට උදව් කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. ඒ කාර්ය මණ්ඩල බලා ගන්න අගය කරන්න රැක ගන්න නිසි වැඩපිළිවෙළකුත් ඇති කරන්න ඕනෑ. ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි සතු වගකීමත් අපි ඉටු කළ යුතුයි.
මේ සාකච්ඡාවෙන් පසු අැමැතිවරයා ගාලු කොටුවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි විය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග ,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් නිශාන්ති ජයසිංහ , දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා ලසන්ති අලහකෝන්, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වුහ.
ගාල්ල දිසා සමූහ