මෙහොමඩ් මුසම්මිල්
කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් සැබෑ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ හමුදාවේ ඉහළ නිලධාරියෙක් මෙයට සම්බන්ධ බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම දිනමිණට ඊයේ (13) පැවසීය.
විපක්ෂය නිරන්තරයෙන් මරණ වැඩි වීම ගැන කතා කරන බවත් අසාදිතයන් වාර්තා වීම සොයා ගැනීම සඟවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සහ කොවිඩ් කාර්ය සාධක බළකාය අපකීර්තියට පත් කිරීමට විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරනවා දැයි සැකයක් පවතින බවද හෙතෙම කීවේය.
11 දා මෙරටින් ආසාදිතයන් 5,415ක් වාර්තා වී ඇති බවත් 5 දා සිට මේ දක්වාම දිනකට ආසාදියන් 5,000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඊයේ (13) මරණ 156ක් සිදුව ඇති බවත් එසේ නම් මරණ ප්‍රතිශතය සියයට 5.5 ඉක්මවා යන අගයක් බවත් කීය. එය සිදු විය නොහැක්කක් බවත් අවධාරණය කළේය.
සුභාෂිණී සේනානායක