28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්සත් රාජධානියේ වෙඩි තැබීමකින් 5ක් මරුට

එක්සත් රාජධානියේ වෙඩි තැබීමකින් 5ක් මරුට

එක්සත් රාජධානියේ ප්ලිමත් නුවර පුද්ගලයකු ගිනි අවියකින් වෙඩි තබා පස්දෙනකු ඝාතනය කර ඇති අතර, පොලීසියේ ප්‍රතිප්‍රහාරවලින් තුවක්කුකරුද ඝාතනය වී ඇතැයි වාර්තා වේ. පසුගිය බ්‍රහස්පතින්දා එරට වේලාවෙන් ප.ව. 6.10ට මේ සිදුවීම වාර්තා වී ඇත්තේ කීහැම් ප්‍රදේශයේ බිඩික් ඩ්‍රයිව්වල වන අතර, ඩෙවෝන් සහ කොර්න්වෝල් පොලීසිය වහා එම ස්ථානයට ළඟා වී සිදුවීම පාලනය කිරීමට සමත් වී ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනකු, පිරිමි දෙදෙනකු ද සිටින බව පොලිස් නිලධාරීන් තහවුරු කර ඇත. මේ සියලු දෙනාම වෙඩි උණ්ඩවලින් සිදු වූ තුවාලවලින් මියගොස් ඇතැයි කියැවේ. ඉන් එක් අයෙකු අවුරුදු 10ට අඩු පිරිමි ළමයකු වන අතර වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසේ.

කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් තිදෙනකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් කාන්තාවක රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය බව පොලීස් නිවේදනයේ සඳහන් වෙයි.