28.9 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ භාණ්ඩ ප්‍රවාහන වරායටත් කොවිඩ්

චීනයේ භාණ්ඩ ප්‍රවාහන වරායටත් කොවිඩ්

චීනයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන වරායක කොවිඩ් වයිරසය ආසාදිත ‍කම්කරුවකු හමුවීම නිසා එහි පර්යන්ත කොටසක් වසා දමා ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට විශාල බලපෑමක් සිදු වී ඇතැයි ද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. කාර්ය බහුලත්වය අතින් ලොව තෙවන විශාලතම වරාය වන මෙය නින්බෝ ෂොවුසෑන් පෙරදිග චීනයේ පිහිටා ඇත. ප්‍රධානතම වෙළෙඳාමක් සිදුවන නත්තල් සමයේ ලෝක වෙළෙඳපොළට සැපැයුම් අඩු වීමට මේ සිද්ධිය හේතුවනු ඇති බව පැවැසේ. වසා දැමීම හේතුවෙන් වරායේ බහාලුම් හුවමාරු ධාරිතාවෙන් හතරෙන් එකක් නතර වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ගෝලීය බහාලුම් හුවමාරු දර්ශකයක් වන ෆ්‍රෙයිටෝස් බෝල්ටික් ග්ලෝබල් කන්ටේනර් ඉන්ඩෙක්ස් පෙන්නුම් කරන පරිදි එම සිදුවීම නිසා චීනය සහ අග්නිදිග ආසියා රටවල්වල සිට අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට සිදු කෙරෙන නැව් භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ ගොස් තිබේ. ඉදිරි මාස කිහිපයේ ගෝලීය නැව් භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලට වසංගතයේ බලපෑම වැඩිපුර දැනෙනු ඇතැයි නෞකා ගමන් පිළිබඳ විශේෂඥයෝ පවසති.