27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙල්ඩා මට්ටු කිරීමේ වැඩිම ප්‍රතිශතය මොඩර්නාට

ඩෙල්ඩා මට්ටු කිරීමේ වැඩිම ප්‍රතිශතය මොඩර්නාට

අමෙරිකා පර්යේෂකයෝ කියති

කොවිඩ් මර්දන එන්නතක් ලෙස භාවිත කරන මොඩර්නා එන්නත නව ‍වයිරස් ප්‍රභේදය සඳහා සාර්ථකව ප්‍රතිචාර දක්වන බවත්, අවම වශයෙන් මාස 6ක් හෝ ඊට වඩා වැඩි කාලයක් මිනිසාට ආරක්ෂාව දෙන බවත් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි.

දැනට අමෙරිකාවේ වේගයෙන් පැතිර යමින් පවතින ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ගැන එරට ජාතික සෞඛ්‍ය ආයතනය මෙහෙයවූ කණ්ඩායමක් මේ පරීක්ෂණය සිදු කර ඇති අතර, ඉදිරි මාස 6ක් ඇතුළත කාලයේ මේ එන්නතේ බලපෑම ගැන එම පර්යේෂක පිරිස තවදුරටත් පරීක්ෂණ සිදු කරති. මොඩර්නා එන්නත මගින් ඩෙල්ටා සහ බීටා ප්‍රභේද දෙකෙන්ම ඇතිවන බලපෑමට එරෙහිව ප්‍රතිදේහ නිපදවී ඇති බව පර්යේෂිකා ප්‍රතිශක්ති විද්‍යාඥ නිකොලේ ඩෝරියා රෝස් සයන්ස් සඟරාවේ පළ කළ තම වාර්තාවේ සඳහන් කර තිබේ. මේ පරීක්ෂණයේ දී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව ලබාගත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 24 දෙනකු නිශ්චිත කාල රාමුවක් ඇතුළත වරින් වර පරීක්ෂාවට ලක්කර මේ නිගමනයට පැමිණ තිබේ.

ෆයිසර් කොවිඩ් මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලැබීමෙන් මාස 5කට හෝ 6කට පසු එම පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ මොඩර්නා එන්නතෙහි ප්‍රතිචාරය 76% වැටුණු බවත්, ෆයිසර් එන්නත ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ 42% දක්වා පහත වැටී ඇති බවත් පර්යේෂකයෝ පවසති.