30 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදසුන් ශානකගේ ග්‍රේස් ලකුණකින් දිනයි

දසුන් ශානකගේ ග්‍රේස් ලකුණකින් දිනයි

ආරාධිත විස්සයි20 ක්‍රිකට්

පිතිකරුවන්ගේ ප්‍රබල සටනක් වූ ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් අශාන් ප්‍රියංජන් මෙහෙයවන ග්‍රීන්ස් පිල පරදවා එක් ලකුණක තියුණු ජයක් අත් කර ගැනීමට දසුන් ශානක මෙහෙයවන ග්‍රේස් පිල සමත් විය.

මේ තරගය පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මේ තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ග්‍රේස් පිල පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 167ක් රැස් කළේ කඩුලු 7ක් දැවී තිබියදීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 166ක් පමණි.

ග්‍රීන්ස් ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 5ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට අශේන් ඩැනියෙල් සමත් විය. කෙසෙ වෙතත් ඉන් පසු පිටියේ එක් වූ පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන ආවේ තෙවැනි කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් ගොඩනඟමිනි. හතරේ පහර 5ක් සමඟ පන්දු 36කින් ලකුණු 45ක් රැස් කළ නිශ්ශංක දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. මෙන්ඩිස් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 74ක් රැස් කළේ පන්දු 48ක් පමණක් වැය කරමිනි. ග්‍රීන්ස් පිලට අවසන් ඕවරයේදී ජයග්‍රහණයට ලකුණු 16ක් රැස් කිරීමට අවශ්‍ය වුවද රැස් කළ හැකි වූයේ ලකුණු 15ක් පමණි. පන්දු යැවීමේදී පුලින තරංග කඩුලු 3ක් සහ අශේන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත්තේය.

ග්‍රේස් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 31ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු සංඛ්‍යාව 165 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී 6 වැනි කඩුල්ල ලෙස ශානක දැවී යන විට ලකුණු 84ක් රැස් කර තිබුණේ පන්දු 41කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. පුලින තරංග සමඟ එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 56ක් එක් කිරීමට ශානක සමත් වූ අතර, ඉන් ලකුණු 42ක්ම ශානකගේ පිත්තෙන් වාර්තා විය. චතුරංග ද සිල්වා පන්දු 21කින් ලකුණු 23ක් සහ මිනෝද් භානුක ලකුණු 21ක් ඉනිමට එක් කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන මේ තරගාවලියේ දෙවැනි තරගය ලෙස බ්ලූස් සහ රෙඩ්ස් අතර රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, තරගාවලියේ දෙවැනි දිනය වන අද (14) රෙඩ්ස් – ග්‍රේස් තරග ප.ව.2. 30ටත්, බ්ලූස් – ග්‍රීන්ස් අතර තරගය රාත්‍රී 7.00ටත් පැවැත්වීමට නියමිතය.