28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේව අපහාසයට දඬුවම් ලැබූ ළාබාලතම පුද්ගලයා පාකිස්තානයෙන්

දේව අපහාසයට දඬුවම් ලැබූ ළාබාලතම පුද්ගලයා පාකිස්තානයෙන්

පාකිස්තානයේ මද්රසා පුස්තකාලයක බුමුතුරුණු මත වුවමනාවෙන්ම මූත්‍ර කළ බවට චෝදනා කරමින් ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමේ වරදට හින්දු ජාතික දරුවකු අත්අඩංගුවට පත් වී ඇතැයි ‘දි ගාඩියන්‘ පුවත්පත වාර්තා කළේය. පන්ජාබ් ප්‍රාන්තයේ පදිංචි අට හැවිරිදි වියෙහි පසු වන මේ දරුවා දේව අපහාස නීතිය යටතේ මරණ දඬුවමට වුවද ලක් විය හැකි බවට වාර්තා පළවී තිබේ. ඔහු පාකිස්තානයේ දේව අපහාස නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ ළාබාලතම පුද්ගලයා ද වේ.

දේව අපහාස නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කළ එම දරුවා ඇප ලබා ඉවතට පැමිණිමෙන් පසු කෝපයට පත් පන්ජාබ් ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව පාකිස්තානයේ හින්දු ජාතිකයන් වාසය කරන දිස්ත්‍රික්කයේ හින්දු සිද්ධස්ථානයකට ද පහර දී ඇතැයි ‘දි ගාඩියන්‘ පුවත්පත වැඩි දුරටත් සඳහන් කළේය.

එම සිදුවීමෙන් පසු ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර, හින්දු සිද්ධස්ථානයට පහර දුන් බවට සැක කරන පුද්ගලයන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම නඩුව ඉදිරියේදී යළි විභාග කිරීමට නියමිත බව ද වාර්තා වේ.