28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබටහිර මාධ්‍යවේදීන්ගෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා

බටහිර මාධ්‍යවේදීන්ගෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා

ඇෆ්ගනිස්තානයේ සිදු වන මානව හිමිකම් කඩ කිරීමේ සිදුවීම් ආවරණය කිරීමට අවස්ථාව නොදෙන බවට සම්බන්ධයෙන් බටහිර මාධ්‍යවේදීහු චෝදනා කරති.

පසුගියදා කාබුල් නුවරදී දැරියක ඝාතනය කිරිමේ සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේෙ සංසරණය විමෙන් පසු මාධ්‍ය ආවරණයට දැඩි සීමා පනවා ඇතැයි ද ඔවුන් චෝදනා කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදාව සහ තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතර යුද ගැටුම් උණුසුම පැතිරී යෑමෙන් පසු දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් වාර්තා වන බවත්, අනාවරණය නොවන තවත් සිදුවීම් රැසක් තිබෙන බවත් එම වාර්තා පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවිම් බහුලව වාර්තා වන අතර, සාමාන්‍ය වැසියන් සහ දරුවන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර වැඩිවී ඇතැයි ද කියැවේ.

කාබුල් නුවරදී ඝාතනයට ලක්වූ දැරියගේ මව වේදනාවෙන් කඳුළු සලමින් කෑගසන අයුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ වීඩියෝ පටයේ දැක්වෙයි.

එම ඝාතනය මෑත කාලයේ තලෙයිබාන් ත්‍රස්තවාදීන් මහමඟදී සිදු කළ 9 වැනි ඝාතනය බවත් වාර්තා වේ.