එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය කරුණු 21කින් යුතු යෝජනාමාලාව දෙස ආණ්ඩුව සුබදායි ලෙස බලා ඒවා ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (13) පැවසීය.
අද අපේ රට බැරෑරුම් තත්ත්වයකට මුහුණ පා තිබෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ අරමුණ ආණ්ඩුව වැට්ටීම හෝ එයට විරුද්ධව ක්‍රියා කිරීම නොව රට මුහුණ පා සිටින ප්‍රශ්නවලින් ගොඩ ඒමට දායකත්වය දැරීමයි.
විපක්ෂයේ පක්ෂ සියල්ලම ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කළත් කිසිම පක්ෂයක් රටේ පවතින ප්‍රශ්න විසඳීමට විකල්ප සැලසුමක් ඉදිරිපත් කර නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම විකල්පයක් රටට ඉදිරිපත් කළ නායකයෙක්.
රට ගෙනියන්න සැලස්මක් තිබෙන එකම පක්ෂය ඒජාපය පමණයි. ආණ්ඩුව විවේචනය කරනවා සේම සැලැස්මකුත් ඉදිරිපත් කළ යුතුයි. ඒ සැලැස්ම අවශ්‍ය නම් ආණ්ඩුවට ක්‍රියාත්මක කළ හැකියි.
එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත් වන්නේ පක්ෂයට වන පාඩුව නොව ජනතාවට වන පාඩුව ගැනයි. ජනාධිපති කාර්ය සාධක බලකාය විසුරුවා හැර කොරෝනා මර්ධන වැඩ පිළිවෙළ කැබිනට් මණ්ඩලය යටතට ගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේ එ් නිසායි. අපි කියන දේ නිසා අනාගතයේ ජනතාවට වාසියක් වේ නම් ඒ වෙනුවෙන් එජාපය පෙනී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාට හමුදාපතිවරයා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අවශය වූයේ කොරෝනාවලින් ජනතාව මිය යෑම නතර කිරීමයි.
ශිරෝමි අබයසිංහ