25 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිද්‍යානුකූල පදනමක් මත රට වසා දැමිය යුතුයි

විද්‍යානුකූල පදනමක් මත රට වසා දැමිය යුතුයි

සමන් රත්නප්‍රිය

රට තුළ දැනට පවතින කොවිඩ් වසංගතය මර්දනය සඳහා විද්‍යානුකූල පදනමක් මත රට වසා දැමීමක් කළ යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ‘දිනමිණ‘ට ඊයේ (13) පැවසුවේය.

ඇඳන් 100,000 ක පමණ විවෘත බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන හමුදාව මඟින් පෞද්ගලික අංශයේද සහාය ඇතිව දින කිහිපයක් තුළ ගොඩනැඟීම, සතියට සරිලන ලෙස පීසීආර් පරීක්ෂණ කට්ටල ලක්ෂ 7ක් පමණ සූදානම් කර ගෙන දිනකට පීසීආර් ලක්ෂයක් පමණ කිරීම, පීසීආර් කර සොයා ගන්නා රෝගීන් වෙන් වෙන්ව රෝහල්වලට සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීම, සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන් නිවෙස්ගත නිරෝධායනයට ලක් කිරීම යන විද්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරමින් රට වසා දැමීමක් කළ යුතු යැයිද ඒ මහතා කියා සිටියේය.

සන්ධ්‍යා කරුණාරත්න