26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතලෙයිබාන් කාබුල් නුවර වටලයි

තලෙයිබාන් කාබුල් නුවර වටලයි

අමෙරිකානු රාජතාන්ත්‍රිකයෝ හෙලිකොප්ටර් මඟින් පලා යති

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සියළු පැතිවලින් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වටලමින් සිටින බව ඊයේ පස්වරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වන විට ඇෆ්ගනිස්තාන රජයේ පාලනය පැවැතියේ කාබුල් නුවර සහ තවත් එක් නගරයක පමණි. සෙසු සියළු නගරවල පාලනය තලෙයිබාන් සංවිධානයේ අණසකට යටත් වී තිබිණි.

ඊයේ දිනය පුරා ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවට තලෙයිබාන් ත්‍රස්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වූ අතර, දැඩි පසුබෑමකට ලක් වූ රජයේ හමුදා එම ප්‍රහාරවලට මුහුණ දීමට අසමත්වූ බවත් වාර්තා වේ.

පවතින තත්ත්වය u; තලෙයිබාන් සංවිධානය සමඟ රටේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරිමට ඇෆ්ගනිස්තාන රජය තීරණය කර ඇති බවත්, එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව තර කර ඇති බවත් තවත් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඇෆ්ගනිස්තානයේ පූර්ණ බලය අතට ගන්නා තුරු රජය සමඟ කිසිදු ආකාරයක සටන් විරාමයකට නොපැමිණෙන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇති අතර, සිවිල් පුරවැසියන් ඇතුළු කිසිදු පුද්ගලයකුට පහර නොදෙන බවටත් පොරොන්දු වී ඇතැයි විදෙස් පුවත් වැඩි දුරටත් කියා සිටී.

තලෙයිබාන් සංවිධානය පසුගිය දින කිහිපය තුළ ඔවුන්ගේ ප්‍රහාර වේගවත් කර ඇති අතර, රජයේ හමුදා දරුණු ලෙස පරාජයට පත්වෙමින් තිබේ. ඊයේ උදෑසන තලෙයිබාන් ත්‍රස්තවාදීන් එරට ප්‍රධාන නගරයක් වන ජලාලාබාද් නගරයේ පාලනය සියතට ගනු ලැබුවේ කිසිදු සටනකින් තොරවමය.