27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවශ්‍ය සංචරණයෙන් වැළකී වගකීමෙන් කටයුතු කරන්න

අනවශ්‍ය සංචරණයෙන් වැළකී වගකීමෙන් කටයුතු කරන්න

රාජ්‍ය ඇමැති කනක හේරත්

ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යමින් පවතින තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය සංචරණයෙන් වැළකී සමස්ත සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසට සාපේක්ෂව ජීවිත අවදානම ද ඉහළ යන බවත්, එහි බරපතළකම වටහා ගෙන අනවශ්‍ය සංචරණයෙන් වැළකී සමස්ත සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වැවිලි රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මාවනැල්ලේ රෝහලට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට සියලු දෙනාම පුද්ගල වගකීමෙන් බැඳී සිටිනවා. ඒ සඳහා ගත හැකි පහසුම මෙන්ම නිවැරදි ක්‍රියාමාර්ගය වන්නේ අනවශ්‍ය ලෙස සමාජය සමඟ නිරාවරණය නොවීමයි.

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ක්‍රමයෙන් ඉහළ යෑමත් සමඟ අද වන විට රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වයට සාපේක්ෂව ජීවිත අවදානම ද ඉහළ යනවා. එනිසා මේ තීරණාත්මක මොහොතේ රටක්, ජාතියක් ලෙස මේ ව්‍යසනයට එරෙහිව නැඟී සිටීමට නම් පුද්ගලානුබද්ධ සමාජ වගකීම අප සියලු දෙනා නිසි ලෙස තේරුම් ගත යුතුයි. ඒ අනුව කටයුතු කළ යුතුයි.”

ක්‍රිසන්ති විතාරණ