29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුසල් ජනිත්ට කොරෝනා

කුසල් ජනිත්ට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ. පෙරේදා සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නේය.

මේ වන විට ඔහු සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායනය වෙමින් සිටී.

පසුගිය එංගලන්ත සංචාරය අතරතුර උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැති තරගවලට සහභාගි වීමේ අවස්ථාව මඟ හැරී ගිය අතර, මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියට ද ඔහු සහභාගි නොවේ.