28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්ඝෝෂණ සංවිධාන කළ සියලු පක්ෂ-වෘත්තීය සමිති ජනතාවගෙන් සමාව ගත යුතුයි

උද්ඝෝෂණ සංවිධාන කළ සියලු පක්ෂ-වෘත්තීය සමිති ජනතාවගෙන් සමාව ගත යුතුයි

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ

කොරෝනා ව්‍යාප්තියට රුකුල් දෙමින් උද්ඝෝෂණ සංවිධාන කළ සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී ජනතා පක්ෂය ප්‍රමුඛ වෘත්තීය සමිති ජනතාවගෙන් සමාව ගත යුතු බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා මාධ්‍යයට ඊයේ (16) පැවැසීය.

එහිදී වඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“දහස් ගණන් පිරිස් කැඳවමින් දිවයින පුරා සිදු කළ උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝග පවා නොතකමින් මෙලෙස උද්ඝෝෂණ පැවැත්වීම නිසා කොරෝනා රෝගීන් සහ මරණ ප්‍රමාණය වැඩි වූ බව අමතක කළ ඔවුන් මේ වන විට ආසාදිතයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා.

ස්වයං ලොක් ඩවුන් වැඩපිළිවෙළක් යෝජනා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ රූපවාහිනී නළුවන් පවා එම උද්ඝෝෂණ හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ලැජ්ජා සහගතයි. දෛනිකව ආසාදිතයන් 2500ක් සහ මරණ 50ක් පමණ වාර්තා වන පසුබිමක උද්ඝෝෂණ සංවිධාන කළ දෝහී වෘත්තීය සමිති සහ සංවිධාන මිය යන, රෝගී වන ජන ජීවිතවල වගකීම භාර ගත යුතුයි.”