26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක් එන්නතක් ගැනීම වසංගතයෙන් බේරීමට ප්‍රමාණවත් නෑ

එක් එන්නතක් ගැනීම වසංගතයෙන් බේරීමට ප්‍රමාණවත් නෑ

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

කොවිඩ් මර්දන පළමු එන්නත දීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බව පැහැදිලි බවත්, ඒත් දෙවැනි එන්නත දී තිබෙන්නේ 28%කට පමණක් බවත්, එක් එන්නතක් ගැනීම රෝගයෙන් බේරීමට ප්‍රමාණවත් නොවන බවත් වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (13) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“කුමන හේතුවක් නිසා හෝ පළමු එන්නත දීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්න බව පැහැදිලියි. ඒත් දෙවැනි එන්නත දී තිබෙන්නේ 28%කට පමණයි. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ධනවත් රටවල පවා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ලැම්ඩා කියලා අලුත් ප්‍රභේදයක් හඳුනා ගැනීමෙන් තත්ත්වය තවත් බරපතළ වෙලා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් කියන්නේ එන්නත් දෙකම අවශ්‍ය බවයි. මෙයින් අපට ලැබෙන්නේ රෝගයෙන් වැළකී සිටීමේ හැකියාව අවම වීම නොවෙයි, මරණ සහ සංකූලතා ඇතිවීම අවම කර ගැනීමයි. 98%කට එන්නත් දීම සම්බන්ධයෙන් කරන ප්‍රචාර නිසා ජනතාව නොමඟ යන්න පුළුවන්. එක එන්නතක් ප්‍රමාණවත් නෑ. දෙවැනි එන්නත දුන් අය ගත්තොත් කොළඹ අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 58%ක්, ගම්පහ 48%ක්, කළුතර 44% සහ මාතලේ 34%ක් වන විට අනිකුත් සියලු දිස්ත්‍රික්ක ඉතාම අඩුයි. හම්බන්තොට 21%ක් ගාල්ල 12%ක්, මාතර 16%, රත්නපුර 9%ක්, කුරුණෑගල 15%ක්, බදුල්ල 15%ක් සහ මහනුවර 2.5%ක් පමණයි එන්නත් දෙකම දී තිබෙන්නේ.

ඒ නිසා එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි මතයකට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්නත් එකක් ගැනීම රෝගයෙන් බේරීමට ප්‍රමාණවත් නෑ. එන්නත් දෙකම ගත්තත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව හැසිරීම අනිවාර්යයෙන් කළ යුතුයි. එන්නත්වලින් පමණක් බේරෙන්න බැරි අනතුර තිබෙනවා. අලුත් ප්‍රභේද ඇති වෙමින් යනවා. රජයේ එන්නත් බෙදා හැරීම බරපතළ ගැටලු සහගතයි. මේ කරුණුත් සැලකිල්ලට ගත යුතු වෙනවා. නිවෙස්වල රෝගීන් රැක බලා ගන්නවා වගේම රෝහල් පද්ධතිය පවත්වා ගෙන යෑමත් විශාල අභියෝගයක්. රෝගීන් පළමුව ඇතුළත් කරන අතරමැදි කඳවුරු සියල්ලම පිරිලා.

ක්‍රිසන්ති විතාරණ