26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජීවිත ආරක්ෂාවට ස්වයං සංචරණ සීමා පනවා ගන්න

ජීවිත ආරක්ෂාවට ස්වයං සංචරණ සීමා පනවා ගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

ඉදිරි සති කිහිපය තීරණාත්මක බැවින් ජීවිත ආරක්ෂාව පතා ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට අනුගත වී රටත්, ජනතාවත් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට රජය වහාම නිශ්චිත පියවර ගත යුතුයි. කොරෝනා හේතුවෙන් මෙරට හය දහසකට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා. ඉදිරි සති කිහිපය ඉතාමත් තීරණාත්මක යැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එනිසා ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගැනීම හරහා තමන්ගේ ආරක්ෂාව තමාම සලසා ගැනීම කාලෝචිතයි.

ආර්ථිකයට වඩා ජීවිතය වැදගත්. රජය මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන මේ මොහොතේ තම තමන්ගේ වගකීම වටහා ගෙන තම තමන් ස්වයං සංචරණ සීමා පනවා ගනිමු.

කොවිඩ් රෝගීන් සහ මරණය සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා ලේඛන පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිව තිබෙනවා.”

ක්‍රිසන්ති විතාරණ