30 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩිකාව

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩිකාව

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උෙලළේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩිකාව කුමුදු ප්‍රියංකා පමණි. එබැවින් අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා ජපානයේ පැවැත්වෙන 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩිකාව ලෙස කුමුදු ප්‍රියංකා ඉතිහාසයට එක්වනු ඇත.

මෙයට කලින් පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ රට නියෝජනය කළ එකම ක්‍රීඩිකාව වන්නේ අමරා ඉන්දුමතී වන අතර, ඇයගෙන් පසුව දෙවන ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩිකාව 33 හැවිරිදි කුමුදු ප්‍රියංකා වේ.

අමරා ඉන්දුමතී පිළිවෙලින් 2012 සහ 2016 දී ලන්ඩන් සහ රියෝ පැරා ඔලිම්පික් උලෙළ දෙකේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ටෝකියෝ පැරාලිම්පික් උලෙළට ප්‍රියංකාගේ සහභාගීත්වය වඩාත් විශේෂිත වන්නේ නව දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හමුදාවේ නොවන එකම ක්‍රීඩිකාව ඇය වීමයි.

2020 ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අට දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්තව සිටිති. වයස අවුරුදු 16 දී කුමුදු ප්‍රියංකා බෝම්බයකට ගොදුරු වී එක් ඇසක් නොපෙනී ගිය අතර, ඇගේ අත් දෙකේ මැණික් කටුවෙන් පහළ අහිමිවී ගියේය. එතැනින් අැය ආපස්සට නොගොස් ක්‍රීඩාවෙන් තම ජීවිතය වෙනස් කර ගැනීමට එඩිතර වූවාය.

මාස් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුයුක්තව සිටින ප්‍රියංකා T 45/46 කාණ්ඩය යටතේ මීටර් 100 හා දුර පැනීමේ ඉසව් සඳහා සහභාගී වේ.

ඇය 2018 ආසියානු පැරා ක්‍රීඩා උෙලළේදී මීටර් 4.51 ක පැනීමකින් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර, පසුගිය පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී තරගාවලියේදී ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වූ මීටර් 4.89 ක් සටහන් කළාය.

2006 වසරේදී ක්‍රීඩාවට යොමු වූ ඇය මිලින්ම රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය නියෝජනය කළාය. ඇයගේ ප්‍රථම ජාතික පැරා ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් තුනෙන්ම ජයග්‍රහණ ලබන්නට ඇය සමත් වූවාය. අනතුරුව ආසියානු පැරා ක්‍රීඩා උලෙළ, ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වූ ඇය 2010 ආසියානු පැරා ක්‍රීඩා උලෙළේදී T45 අංශයේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

 ප්‍රින්ස් ගුණසේකර