30.6 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව ඉහළටම ඇවිත්

මරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව ඉහළටම ඇවිත්

රජය මාධ්‍ය සන්දර්ශන දැමූවද මරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව ඉහළටම පැමිණ ඇති බව සමඟි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (16) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මද්දුම බණ්ඩාර මහතා මේ බව කීවේය.

රෝහල්වල ඇඳන් යට පවා රෝගීන් සිටින නිසා ආණ්ඩුව ලෙඩ්ඩුන්ට ගෙවල්වල ඉන්න කියූ නමුත් රෝහල්වල ධාරිතාවේ ප්‍රශ්නයක් නැතැයි යනුවෙන් ඔළමොට්ටල කතා කියන බව ද හෙතෙම පැවසුවේය. රෝගීන්ට නිවෙස්වල ඉන්න කිව්වට වෛද්‍ය උපදෙස් ලබා දී නොමැති බවත් පැවසූ මද්දුම බණ්ඩාර මහතා සංඛ්‍යාලේඛන වැරදි කියමින් ආණ්ඩුව විසින්ම ජනතාව නොමඟ යවමින් සිටින බව ද කීවේය. අද වන විට ආදාහනාගාරවල පවා ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි කී ඒ මහතා ආණ්ඩුව නිවැරදි තීන්දු නිවැරදි වෙලාවේ නොගැනීමේ ඛේදවාචකය වසා ගැනීමට තවත් බොරු කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්