27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාලදිවයිනේ සාෆ් පාපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා පිල 20 දා සිට පුහුණුව අරඹයි

මාලදිවයිනේ සාෆ් පාපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා පිල 20 දා සිට පුහුණුව අරඹයි

එළඹෙන සාෆ් පාපන්දු ශූරතාවලිය ඔක්තෝබර් 1 සිට 13 දක්වා මාලදිවයිනේදී පැවැත්වීමට තීරණය වෙයි. දකුණු ආසියා පාපන්දු විධායක කමිටුව පසුගියදා මේ බව තීරණය කළ අතර, මාලදිවයිනේ කොරෝනා පාලනය යහපත් තත්ත්වයක පැවැතීම හේතුවෙන් එහි ශූරතාවලිය සංචිධාන කිරීම වඩාත් පහසු වනු ඇතැයි ද සාකච්ඡා වී තිබේ. මාලදිවයිනට සාෆ් පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාව සමග ඒකාබද්ධව 2008දී දැක්වූ අතර, එයට පෙර හෝ පසු අවස්ථාවක් ලැබී නොමැත.

මේ අතර දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සූදානමක් සේ ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මේ 20 වැනිදා සිට බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී පුහුණුව ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා ‘දිනමිණ’ට පැවැසීය. මුලින් 30කගෙන් සමන්විත සංචිතයක් සූදානම් කොට අවසානයේ මාලදිවයිනට යන කණ්ඩායම 23 දක්වා අඩු කිරීමට සිදු වනු ඇතැයි ඒ මහතා පැවැසීය.

ජාතික පාපන්දු පිලේ විදෙස් පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා යටතේ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා පාල සහභාගී කරවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අපේක්ෂාව වී තිබේ.

මෙවර සාෆ් පාපන්දු ශූරතාවලිය ඔක්තෝම්බර් 1-13 දක්වා නේපාලයේදී පැවැත්වීමට සමස්ත නේපාල පාපන්දු සංගමය කලින් තීරණයක් ගෙන තිබුණද එම යෝජනාව දකුණු ආසියා පාපන්දු විධායක කමිටුව අනුමත කොට නැත. බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව රටවල් මෙවර ශූරතාවලියට සහභාගී වන බව තහවුරු කර ඇති අතර, භූතානය ඉදිරියේදී එහි සහභාගීත්වය තහවුරු කරන බව දැනුම් දී තිබේ.

අවස්ථා හතකදී දකුණු ආසියා පාපන්දු ශූරතාව ඉන්දියාව දිනාගත් අතර, මාලදිවයින දෙවතාවක් ශූරයන් විය. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය මෙම ශූරතාව එක් අවස්ථාව බැගින් දිනා තිබේ.

මේ වසරේ බංග්ලාදේශයේ මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් වුවද කොරෝනා තත්ත්වය වර්ධනය හේතුවෙන් එය තමන්ට එය කළ නොහැකි බව පවසමින් සත්කාරකත්වයෙන් ඉවත් වී තිබේ. කෙසේ වෙතත්, මාලදිවයිනට මෙම තරගාවලිය සංවිධාන කිරීමට අවම වශයෙන් රුපියල් මිලියන 70ක් පමණ වැය කිරීමට සිදු වනු ඇතැයි සඳහන් වේ.

 ප්‍රින්ස් ගුණසේකර