30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ආසාදිත ගණන ඉහළ යෑමෙන් ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

කොවිඩ් ආසාදිත ගණන ඉහළ යෑමෙන් ජපානයේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

ජපානයේ පළාත් ගණනාවක කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය වේගයෙන් සිදුවීම හේතුවෙන් තවත් ප්‍රාන්ත 7කට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගත්තේය. මීට පෙර ටෝකියෝ සහ තවත් පළාත් 5කට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබිණි. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමෙන් පසු කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යෑමක් සිදු වූ බවට වාර්තා වේ පෙරේදා පමණක් එරටින් කොවිඩ් ආසාදිතයන් 17,836ක් වාර්තා වූ අතර, මිය ගිය පිරිස 8කි. මේ වනවිට ජපානයේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 15,408කි.