28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබයිඩ්න්ගෙන් සැර ප්‍රකාශයක්

බයිඩ්න්ගෙන් සැර ප්‍රකාශයක්

ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදාව ඉවත් කරගැනීමට ගත් තීරණයේ කිසිදු වරදක් නැතැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ ප්‍රකාශ කළේය. තමා තවමත් එම තීරණයේ එල්බ සිටින බව කී බයිඩ්න් තලෙයිබාන් සංවිධානය මැඬ පැවැත්වීමට අසමත් වීම නිසා ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවට නොසෑහෙන සේ දොස් පැවරුවේය. තලෙයිබාන් සංවිධානය බලය උදුරා ගත් නිසා ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදයේ රාජ්‍යයක් බවට පත් වනු ඇතැයි බියට පත් එරට ජනතාව හිස් ලූ ලූ අත පලායමින් සිටින්නේ දින ගණනාවක් තිස්සේය. පෙරේදා කාබුල් නුවර අන්තර්ජාතික ගුවන්තොටුපොළට බලහත්කාරයෙන් කඩා වැදුණු දහස් ගණන් ඇෆ්ගන් වැසියෝ වවුලන් රංචු මෙන් නවතා තිබූ ගුවන් යානාවල දොරවල්, කවුළු හා තටුවල එල්ලී සිටියහ. ගුවන් යානා පියාසර කිරීමේදි එහි එල්ලී සිටි පුද්ගලයන් බිමට වැටී ජීවිතක්ෂයට පත් වූ අයුරු සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් සංසරණය වන වීඩියෝවක් බවට පත් වීය. මෙවැනි සිදුවීම් නිසා ඇෆ්ගනිස්තානයේ හමුදා ඉවත් කරගැනීම ගැන එල්ල වූ පීඩනය ඉහළ යෑම හේතුවෙන් බයිඩ්න් ඊයේ නිවේදනය කළේ අමෙරිකා හමුදාව වෙනත් රටක සිවිල් ගැටුමකට මැදිහත්ව සිටියදී ජනාධිපතිධුරයට පත් වූ සිව්වැනි පුද්ගලයා වන තමා එම තත්වය එම ධුරයට පත් වන පස්වැනි පුද්ගලයාට අත් කර දීමට සූදානම් නැති බවය.