24.5 C
Colombo
Saturday, February 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකා පාපැදි ශූරියට වසර 4ක තහනමක්

අමෙරිකා පාපැදි ශූරියට වසර 4ක තහනමක්

තරගයෙන් බැහැර පරීක්ෂණයකදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ලැබූ කේට් කොම්ප්ටන්ට වසර 4ක ක්‍රීඩා තහනමක් පැන වෙයි. අමෙරිකා තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය පවසන්නේ කොම්ප්ටන්ගේ සිව් අවුරුදු ක්‍රීඩා තහනම පසුගිය වසරේ සැප්තැම්බර් 16 දින සිට ක්‍රියාත්මක බවයි. ඇය අවසන් වරට තරගයකට සහභාගීවී ඇත්තේ එදින වීම එයට හේතුවී තිබේ.

42 හැවිරිදි ඇය ලබන වසරේ ජනවාරියේ පැවැත් වීමට නියමිත ආර්කන්සාස් සයික්ලෝ-ක්‍රොස් ලෝක ශූරතාවලියෙන් පසු විශ්‍රාම යාමට සැලසුම් කර තිබියදී මෙම තහනම පැනවිය. තම වෘත්තිය මේ ආකාරයෙන් අවසන් කිරීම ගැන තමා පුදුම සහගත ලෙස කනගාටු වන බව ඇය පැවසුවාය.

“මෙම ප්‍රවෘත්තිය පැමිණෙන්නේ දැඩි සිත් වේදනාවකින්. මගේ පාපැදි ජීවිතය අවසන් කිරීමට සිදුවූ නරකම ක්‍රමය එය වුණා” යනුවෙන් කොම්ප්ටන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අමෙරිකානු පාපැදි සයිකල් ක්‍රොස් ශූරතාව 15 වතාවක් දිනා ගැනීමට කේටි කොම්ප්ටන් සමත් වූ අතර ආබාධිත ක්‍රීඩිකාවක් වූ හෙයින් 2004 ඇතෑන්ස් පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 2ක්, රිදී හා ලෝකඩ පදක්කම බැගින් ඇය දිනා ගත්තා2ය.