27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋද්ඝෝෂණවලදී කඩ නොවැසූ පිරිස දැන් කඩ වහන්නේ රට අක්‍රීය කරන්න

උද්ඝෝෂණවලදී කඩ නොවැසූ පිරිස දැන් කඩ වහන්නේ රට අක්‍රීය කරන්න

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

උද්ඝෝෂණ කරද්දී කඩවල් වසා ඊට විරුද්ධ නොවූ පිරිස දැන් කඩවල් වහන්නේ රට අක්‍රීය කිරීමට බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (16) පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“කොවිඩ් වසංගතය විපක්ෂය දේශපාලන ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. කඩවල් වහන්න පෙර උද්ඝෝෂණ කරන විට ඒවාට සහයෝගය නොදී නතර කරන්න ජනතාවට හැකියාව තිබුණා. නමුත් එහෙම කළේ නෑ. ඒ අවස්ථාවේ ජනතාව කළේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් නිසා සහයෝගය දීම පමණයි. ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න තිබුණේ මේ වගේ උද්ඝෝෂණ කරන්න එපා කියලා. ඔවුන්ට තිබුණා ඒ වගේ දෙයක් කරලා මේ උද්ඝෝෂණයන්ට සහයෝගය නොදී ඉන්න. ඔවුන් ඒ දෙය එදා කළේ නෑ. මේ සෑම දෙයකම යට තිබෙන්නේ දේශපාලනය. මේ හදන්නේ වෙන මතයක් ගොඩනගන්න. මේ රට අක්‍රීය කරන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. සෞඛ්‍ය උපදෙස්වලට කටයුතු කළ නැති කට්ටියක් තමයි මේ දෙය කරන්නේ.

අපි කලින් දැන ගත්තා, උද්ඝෝෂණ නිසා කොවිඩ් පොකුරක් හැදෙන්න යන්නේ කියලා. ඒ අපරාධය නවත්තන්න යන කොට කළේ අපි දේශපාලනික වශයෙන් ඔවුන්ගේ උද්ඝෝෂණය නතර කරන්න යනවා කියන මතය ගොඩ නැඟූ එක. අදටත් ඔවුන් කරන්නේ ඒ දෙයම තමයි. මේක අලුත් දෙයක් නොවෙයි. රටේ ජනතාවට අපි කියන්නේ මේ විපක්ෂයට ඕනෑ ජනතාවගේ මළ මිනී මතින් හරි දේශපාලනය කරන්න. මේ කොවිඩ් වසංගතය විපක්ෂයේ දේශපාලන ව්‍යාපාරයක් වෙලා.

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඇඳිරි නීතිය දාන්නත් අවශ්‍ය නෑ. සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත් වෙනවා නම් අප කාටවත් මේ ප්‍රශ්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. එහෙනම් ඇඳිරි නීතිය සෞඛ්‍ය අංශයටත් දාන්න වෙනවනේ. “

ක්‍රිසන්ති විතාරණ