කොවිඩ් ආසාදිතයන් හා මරණ සම්බන්ධයෙන් දැනට ලබාදෙන දත්තවල යම් ගැටලු මතුවී තිබෙන්නේ නම් ඒ පිළිබඳ වහා සොයාබලා නිවැරදි තොරතුරු හා දත්ත ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ(17වැනිදා) ‘දිනමිණ’ට පැවසීය.
තමා සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාරගෙන තාමත් ගතවී ඇත්තේ පැය කිහිපයක් පමණකැයි කී ඇමැතිවරයා වසංගතය සම්බන්ධ තොරතුරු හා දත්ත නිවැරදිව ලබාදීම පමණක් නොව මේ වසංගතයෙන් රටත්, රටේ ජනතාවත් බේරා ගැනීම සඳහා ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බවද සඳහන් කළේය.
මෙම වසංගතය සම්බන්ධ තොරතුරු සැඟවීමට හෝ වෙනස් කිරීමට රජයට හෝ වෙනත් පාර්ශ්වයකට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඒ මහතා කීය. ඒ අනුව සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් මත නිවැරදි තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.
වසංගත රෝග විද්‍යායතනය මගින් ලබාදුන් දත්ත සම්බන්ධයෙන් යම් යම් ගැටලු සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් නව සෞඛ්‍ය අමාත්‍යවරයාට එසේ කියා සිටියේය.
ශිරාන් රණසිංහ