විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ජනතාවගේ ආරක්ෂාව සඳහා සති දෙකක් සඳහා හෝ රට “ලොක්ඩවුන්” කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.
මේ මොහොතේදී ජනතාවගේ ජීවිත අතිශය වැදගත් බවත් තම ජීවිත ආශාව පසෙක දමා මේ වෙනුවෙන් කැපවන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තම ස්තූතිය පිරිනමන බවත් විපක්ෂනායකවරයා පැවසීය.
සති දෙකක කාලයක් හෝ රට ලොක් ඩවුන් නොකරන්නේනම් සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කරන පරිදි තම තමන් විසින් හෝ ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
රජය මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු අතර කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
එන්නත්කරණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන සෞඛ්‍ය අංශ, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාව බියපත්වී සිටින අතර කොවිඩ් ආසාදනය වූවකු ලෙස තමන්ටද ජීවිතය අහිමි වේයැයි බියක් දැනුනු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එබැවින් මෙම තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීම වෙනුවෙන් සති දෙකකට හෝ රට ලොක්ඩවුන් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය. මේ බව සඳහන් කළේ කොරෝනා වෛරස පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ඊයේ (17) එක් වෙමිනි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න