ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවේ පළපුරුදු බැඩ්මින්ටන් විනිසුරුවන් තිදෙනකු බැඩ්මින්ටන් ලෝක සම්මේලනය විසින් පත් කර ඇත. පැරාලිම්පික් බැඩ්මින්ටන් තරග සැප්තැම්බර් 1 සිට 5 දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නිලධාරීන් තිදෙනාගේ සේවය මෙම තරගාවලිය පුරා ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
මෙම ප්‍රධාන ක්‍රීඩා උළෙලේ රේඛීය විනිසුරුවන් ලෙස සමන්තා කුමාරි නවරත්න මහත්මිය හා චන්දන නිලන්ත මහතා පත්ව සිටින අතර ලක්‍ප්‍රිය එදිරිසිංහ මහතා ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ඇත. මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ප්‍රථම වතාවට බැඩ්මින්ටන් ක්‍රීඩාව හඳුන්වාදී ඇති හෙයින් ශ්‍රී ලංකාවේ විනිසුරුවන් තිදෙනා ද ඉතිහාසයට එක්වේ.
ලක්‍ප්‍රිය එදිරිසිංහ මහතා ලෝක බැඩ්මින්ටන් සහතිකලත් බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වන අතර 1993 සිට 2005 දක්වා ශ්‍රේණිගත කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දැක්වීය. ඔහු මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ හා ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය විනිසුරුවරයෙකු හා තාක්‍ෂණ නිලධාරියෙකු ලෙස සහභාගී වී ඇත. සමන්තා නවරත්න මහත්මිය අන්තර්ජාතික තරග බිමේ ශ්‍රී ලංකාවේ පළමු බැඩ්මින්ටන් විනිසුරුවරිය බවට පත් වූවාය. ඇය ආසියානු බැඩ්මින්ටන් තරඟාවලියේ විනිසුරුවරියක් වූ අතර වැඩිම දේශීය තරගාවලි ප්‍රමාණයක විනිසුරුවරියක් වූවාය. චන්දන නිලන්ත මහතා පුහුණුකරුවෙකු ලෙස සිය සේවය ඉටු කරමින් පසුව විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.