මාතරට අන්තර්ජාතික ක්‍රිකට් හා පාපන්දු පිටියක් සමග මලල ක්‍රීඩා සඳහා නවීන පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් ඉදිකිරිමට පියවර ගෙන ඇත. ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ මෙය දකුණේ ක්‍රීඩාවේ හැරවුම් ලකුණක් බවය.
ඇමැතිවරයා සඳහන් කරන්නේ ඓතිහාසික මාතොට 21 වැනි ශත වර්ෂයට අනුරූප වූ අභිමානවත් නව නගරයක් ලෙස ගොඩනගන බවට “මහින්ද චින්තන” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ලබා දුන් ප්‍රතිඥාව ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ “සෞභාග්‍යයේ දැක්මෙන්” පුනර් ජීවනය වී ඇති බවය.
“උයන්වත්ත ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගණයක් ලෙස වැඩි දියුණු කොට මලල ක්‍රීඩා, පිහිනුම් හා ගෘහස්ථ ක්‍රීඩා වෙනුවෙන් අතිනවීන පහසුකම් සහිත නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ අවසන් අදියරට පිවිස තිබෙනවා. නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිතුමා විසින් මෙම ක්‍රීඩාංගණයට කෘතීම ධාවන පථයක් ලබා දීමටත්, උයන්වත්ත, රාත්‍රියේත් ක්‍රීඩා කල හැකි ක්‍රීඩා සංකීර්ණයක් ලෙස පරිවර්තනය කිරීමට තීරණය වී තිබෙනවා. එය සැබැවින්ම දකුණේ ක්‍රීඩා වංශ කතාවේ හැරවුම් ලකුණක්. එමෙන්ම, මීටර් 50ක් දිග, පිහිනුම් පථ අටකින් සමන්විත දැවැන්ත පිහිනුම් තටාකය සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය ද අපට හිමිව තිබෙනවා” අලහප්පෙරුම මහතා පැවැසීය.
ඩලස් අලහප්පෙරුම මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ ඉතා සීමිත කාලය තුළ ක්‍රීඩකයින් දෙසීයකට (200) නේවාසික පහසුකම් සැලසීම සදහා ක්‍රීඩක නේවාසිකාගාරයක් ආරම්භ කළ අතර මේ වන විට එහි ඉදි කිරීම් කටයුතු සිදු වෙමින් පවතී.
ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ