29.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ දිනකදී කොවිඩ් මරණ දහස පනී

අමෙරිකාවේ දිනකදී කොවිඩ් මරණ දහස පනී

අමෙරිකාවේ පසුගිය අඟහරුවාදා කොවිඩ් ආසාදිත රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් මිය ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව සෑම පැයකටම කොවිඩ් රෝගීන් 42ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මාරක ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකාවේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, පසුගිය අප්‍රේල් මාසයේ මැද භාගයේ සිට එම මරණ සංඛ්‍යාව දිනකට දළ වශයෙන් මරණ 769ක් බව වාර්තා වේ.

මේ තත්වය නිසා ලබන වසරේ ජනවාරිය දක්වා සියලු පුද්ගලයන්ට ගුවන්යානාවලදී, දුම්රිය හා බස් රථවලදී මුහුණු ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය බවට ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් දා ප්‍රකාශ කළේය.