27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවිශ්ක ඇෆ්ගන් පිලට

අවිශ්ක ඇෆ්ගන් පිලට

Author(s): 
ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිලේ පිතිහරඹ නව පුහුණුකරු ලෙස පත් කළ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. තලෙයිබාන් සංවිධානය එරට පාලනය අත්පත් කරගැනීමේ උණුසුම අතරතුර ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ මේ නිවේදනය නිකුත් කළේය.

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග 3කින් සමන්විත පාකිස්තාන – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය ඉලක්ක කරමින් මේ පත්වීම සිදු කර ඇතැයි වාර්තා වේ. දිගු කාලීන පිතිහරඹ පුහුණුකරුවකු ලෙස අවිශ්කගේ සේවය ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වූවද, පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකාවට සේවය කිරීමේ කැමැත්තෙන් පසුවන බැවින් දැනට පාකිස්තාන – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට පමණක් සිය සේවය ලබාදීමට අවිශ්ක තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පවතින දේශපාලන උණුසුම සමනය වී එරට අන්තර්ජාතික ගුවන් තොටුපොළ නැවත සාමාන්‍ය පරිදි විවෘත වීමෙන් පසු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

44 හැවිරිදි අවිශ්ක මීට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ කණඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබේ. දූෂණ වංචා චෝදනා එල්ලවීමෙන් කෙටි කාලයක් පිටියෙන් ඉවත් වී සිටි ඔහු යළි ක්‍රීඩාවට සම්බන්ධ වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එම චෝදනාවෙන් ඔහු නිර්දෝෂ බව තහවුරු කිරීමෙන් පසුවය. වමතින් පිතිකරුවකු වන අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 61කට ක්‍රීඩා කර ඇති අතර, ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටියේය.