25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇෆ්ගන් පාකිස්තාන ක්‍රිකට් සූරියවැවදී

ඇෆ්ගන් පාකිස්තාන ක්‍රිකට් සූරියවැවදී

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. මේ තරගාවලිය සූරියවැවදී මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිල තව දින කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදා තලෙයිබාන් සංවිධානය බලය අත්පත් කරගත් ඇෆ්ගනිස්තානයේ ක්‍රීඩාව යළි ආරම්භ කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත්, පාකිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට කිසිදු බාධාවක් නැති බවත් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.