ඇෆ්ගන් ජනතාව ගැන ඔස්ට්‍රේලියාවේ පොදු ජනතාව තුළ කුමනආකාරයක උනන්දුවක් පැවැතියද තම රජය අමතර සරණාගතයන් භාර ගැනීමට සූදානමක් නැතැයි අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණුවලට සමගාමීව තමන් සරණාගතයන් පිරිසක් භාර ගන්නා බවත්, එය 3,000කට සීමා වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
තමන්ගේ දැඩි විගමණික ප්‍රතිපත්ති ගැන සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙවැනි තත්ත්වයක දී වුවත් නීති විරෝධී ආකාරයෙන් රටට ඇතුළු වීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවය. එක්සත් ජාතීන්ගේ සරණාගත ආගමනයන්ට බාහිර පැමිණීම් සියල්ලම නීති විරෝධී ආගමනයන් බවට ඔස්ට්‍රේලියාව සලකයි.මේ අතර ඇෆ්ගනිස්තානයේ සිරවී සිටි ඕස්ට්‍රේලියානුවන් මුදා ගැනීමට පැමිණි එරට හමුදාවට අයත් ආසන 128කින් සමන්විත සී130 වර්ගයේ ගුවන් යානය ඕස්ට්‍රේලියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් සහ එක් විදේශිකයකු ඇතුළු 26 දෙනෙක් පමණක් ඩුබායිට පැමිණ ඇති අතර හිස් මඟී ආසන විශාල ගණනක් සහිතව ආපසු පැමිණිම ගැන බොහෝ විවේචන එල්ල වී තිබේ.