30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරාලිම්පික් පදක්කමක් දිනන්න පාලිත බණ්ඩාර සූදානමින්

පැරාලිම්පික් පදක්කමක් දිනන්න පාලිත බණ්ඩාර සූදානමින්

 ආසියානු පැරා ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම් ලාභී පාලිත බණ්ඩාර ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී F 42 කාණ්ඩය යටතේ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් තරග බිමට පිවිසෙයි. පැරාලිම්පික් උලෙළේ F 42 කාණ්ඩය යනු එක් අතකට හෝ අත් දෙකට, නොඑසේනම් උකුළේ හෝ දණහිසේ ක්‍රියාකාරිත්වයට බලපාන දුර්වලතා වර්ග එකක් හෝ කිහිපයක් යටතේ තරග වැදීමේ කාණ්ඩය වන අතර, පාලිත බණ්ඩාර මේ කාණ්ඩයේ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.

මේ මස 24 සිට සැප්තැම්බර් 5 දක්වා ටෝකියෝ ක්‍රීඩා උලෙළ පැවැත්වෙන අතර, පාලිත බණ්ඩාරගේ මංගල පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ මෙය වේ. ජාතික ආරක්‍ෂක රෙජිමේන්තුවේ සේවය කරන 28 හැවිරිදි පාලිත බණ්ඩාර යගුලිය විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සමඟ වෙහෙස වී මේ දිනවල පුහුණුවීම් සිදු කරමින් සිටී.

මාතලේ විල්ලවාන ගම්මානයේ උපන් ඔහු 2018 යුද හමුදා පැරා ක්‍රීඩා උලෙළේ දී කවපෙත්ත හා යගුලිය යන ඉසව් දෙකෙන්ම දක්ෂතා දැක්වීය. ඔහුගේ දක්ෂතාව මීටර් 40.30ක් හා මීටර් 12.80ක් ලෙස සටහන් විය. ඔහු හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම දිනාගෙන හොඳම පැරා මලල ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.

“2011 වර්ෂයේදී හදිසි අනතුරකට මුහුණ දී මගේ වම් කකුල දැඩි ලෙස තුවාල ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා පැරා ක්‍රීඩාවට ආකර්ෂණය වී යගුලිය වීසි කිරීමේ ඉසව් සඳහා ප්‍රමුඛතාවය දුන්නා. 2018 යුද හමුදා පැරා ක්‍රීඩා උලෙළේ දී මා වාර්තා දෙකක් පිහිටවූ පසු අන්තර්ජාතික තරග බිමට යෑමට හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණා” පාලිත බණ්ඩාර කීය. “ 2018 ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 13.21ක දක්ෂතාවක් මා දැක්වූවා. ඒ රිදී පදක්කම දිනා ගැනීම මට විශාල ශක්තියක් වුණා. ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 12.37කින් 8වැනි ස්ථානය දිනා ගත්තා. ඩුබායිහි පැවති ලෝක පැරා ග්‍රොන් ෆ්‍රී තරගාවලියේදී මා ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. ඒ මගේ හොඳම දුරයි. මෙවර මා පදක්කමක් දිනා ගන්න සටන් කරනවා”පාලිත බණ්ඩාර සඳහන් කළේය.