අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
හයිටි භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000කට සමීප වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 10,000කට ආසන්න බව විදෙස් පුවත් වාර්තා කළේය. තවත් බොහෝ පිරිසක් තවමත් අතුරුදන් වී සිටින බව ද වාර්තා වේ.
අප්‍රිකා නිවර්තන කුණාටුවෙන් පතිත වන තද වැසි නිසා මුදා ගැනීමේ කටයුතු අසීරු වී ඇති අතර, මේ දරුණු භූ කම්පනයෙන් අවතැන් වු පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණ වන බවත්, දරුවන් ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ඒ අතර සිටින බවත් යුනිසෙෆ් සංවිධානය වාර්තා කළේය.
රිච්ටර් මාපකයේ 7.2ක අගයක් සටහන් කළ මේ භූ කම්පනය නිසා විපතට පත් ජනතාවට ආධාර සැපයීමට රටවල් ගණනාවක් ඉදිරිපත් වී සිටින අතර, තවත් රටවල් රැසක් සහනාධාර සපයා තිබේ.