30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේට

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේට

ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් 3 තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්වීමට අයිසීසීය තීරණය කරයි.

මේ තරගාවලිය පසුගිය වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරොනා වසංගතය හේතුවෙන් එය කිහිපවරක් කල් දැමීමට අයිසීසීය කටයුතු කළේය. ඒ අනුව කණ්ඩායම් 10ක් එක්වන මේ තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා සිම්බාබ්වේහිදී පැවැත්වෙනු ඇත.

ඊට ශ්‍රී ලංකාව සමඟින් පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, නෙදර්ලන්තය, තායිලන්තය, පැපුවා නිව්ගිනියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ සත්කාරක සිම්බාබ්වේ එක් වීමට නියමිතය.

මේ තරගාවලියේ කාලසටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව අයිසීසීය නිවේදනය කළේය.

කණ්ඩායම් 8ක් එක් වන අයිසීසී ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක නවසීලන්තය සමඟින් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමත්ව සිටී.