30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානයේදී විදේශිකයන් කොල්ල කාලා

පාකිස්තානයේදී විදේශිකයන් කොල්ල කාලා

පාකිස්තානයේ ස්වාත් දිස්ත්‍රික්කයේ සංචාරක පුරවරයක් වන කේබර් පක්ටුක්වා හි විදේශ සංචාරකයන් 20 දෙනකු පමණ කොල්ලකෑමට හසුවී ඇතැයි දිස්ත්‍රික් පොලීසිය සඳහන් කළේය. ස්වාත් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියකු ඩෝන් පුවත්සේවයට සඳහන් කර ඇත්තේ සංචාරකයන් 20 දෙනකු පමණලාහෝර් නුවර සිට කලාම් නුවර දක්වා යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදී මෙසේ කොල්ලකෑමට ලක් වී ඇති බවය.

යතුරුපැදි මගින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් යාත්‍රව නතර කර ඊට ගොඩවී විදේශිකයන් සතු සියලු වටිනා දේවල් පැහැරගෙන ඇත. ලක්ෂ හතරක මුදල් ප්‍රමාණයක්ද, ස්මාට් ජංගම දුරකතන 9 ක්ද ඒ අතර ඇතැයි පොලීසිය තහවුරු කළේය.

මෙය එම පළාතේ සතියක් ඇතුළත සිදු වූ තුන්වැනි කොල්ලය වන අතර, ඊට පෙර අවස්ථා දෙකකදී විදේශික සංචාරකයන් පිරිසක් මෙසේ කොල්ලකෑමට හසු වී තිබිණි. එහෙත් සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත් වී නැත.