27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙල්ටා ප්‍රභේදයෙන් චීනයටත් බලපෑම්

ඩෙල්ටා ප්‍රභේදයෙන් චීනයටත් බලපෑම්

දෛනිකව ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහිත නව කොවිඩ් ආසාදිතයන් 140කට වඩා චීනයෙන් වාර්තා වන බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේ නැංජින් නුවර නැගෙනහිර පළාතෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියාගේ සිට මේ දක්වා ගත වූ කාලයේ චීනයේ තවත් නගර රැසකට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇතැයි එහි වැඩි දුරටත් සඳහන් වේ.

පසුගිය 2019 වසරේ අගභාගයේදී කොවිඩ් වසංගතය කොරෝනා නමින් පළමුවරට චීනයෙන් ලොවට ව්‍යාප්තවූ අතර, මේ වයිරසය පිළිබඳ කිසිදු අනතුරු ඇඟවීමක් සිදු කිරීමට අසමත් විය.

මේ වන විට කොවිඩ් වයිරසය ඩෙල්ටා ප්‍රභේදය පාරාවළල්ලක් මෙන් ආපසු චීනය වෙතට හැරී ගොස් ඇති අතර, එය චීන ජනාධිපතිවරයාට හිසරදයක් වනු ඇත්තේ බිලියන 1.4 ජනගහණයක් ඇති චීනයට කෙතරම් දරුණු බලපෑමක් එල්ල කරනු ඇතිදැයි කිව නොහැකි බැවිනි.

ලොව පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය චීනයට ඇතුළුවූයේ ලොව පුරා රටවල් රැසක ජනජීවිත මුළුමනින්ම බිල්ලට ගැනීමෙන් පසුය.