චීන ජනපති
රටේ සම්පත් සැමදෙනාට සමව බෙදාහැරීමට ධනවත් පුද්ගලයන්ට සහ ව්‍යාපාරයන්ට බලපෑම් කිරීමට පියවර ගන්නා බව චීන ජනපති ෂී ජින්පින් ප්‍රකාශ කරයි. චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයින් පිරිසක් ඉදිරියේ ෂී ජින්පින් ප්‍රකාශ කළේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ධනය සමසේ බෙදී යන සැලැස්මක් ඇති කළ යුතු බවයි.
ෂින්හුවා ප්‍රවෘත්ති සේවය අනාවරණය කරන පරිදි අතිරික්ත ඉහළ ආදායම් උපයන පුද්ගලයන් සහ ආයතන ගැන පරීක්ෂාවෙන් සිට සමාජ ප්‍රගමනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ගත යුතු බව ජනාධිපතිවරයා කියා ඇත. මේ දායකත්වය ගන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා පැවැසූ ආකාරය එම ප්‍රවෘත්ති සේවය අනාවරණය කර නැතත් බදු පැනවීම සහ වෙනත් ක්‍රමවලින් මෙය සාක්ෂාත් කරගත හැකි බව යෝජනා කර තිබේ.