27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් රටට ඩොලර් එවීම ගැන ඉදිරියේදී තීරණයක් ගනීවී

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් රටට ඩොලර් එවීම ගැන ඉදිරියේදී තීරණයක් ගනීවී

සුනිල් හඳුන්නෙත්ති

ආණ්ඩුව විදේශ රැකියා නියුක්තිකයක් ආරක්‍ෂා නොකරන්නේ නම් ඔවුන් රටට ඩොලර් එවීම ගැන තීරණයක් ගනීවී යැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

හඳුන්නෙත්ති මහතා එසේ පැවසුවේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසුවේය.

“ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනෙන්නේ විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකික සහෝදර ජනතාව.

ශ්‍රී ලාකේය විදේශ ගත ශ්‍රමිකයෝ කොරෝනා වසංගත තත්ත්වය තුළ පවා ඩොලර් මිලියන 3324ක් මේ අවුරුද්දේ මුල් මාස හයේ දී රටට උපයා දී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට ඩොලර් කෝටි 55ක් එවා තිබෙනවා. එයින් 50%කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග ගෘහ සේවයේ ඉන්න අපේ දයාබර අම්මලා, අක්කලා එවනවා.

ඔවුන්ගේ දරු පවුල් පවා මේ රට තුළ කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත් වී සිටිනවා. මේ තත්ත්වය තුළ විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මේ හිතුවක්කාරී ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා රටට එවන විදේශ විනිමය නතර කිරීමේ තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා.

ආණ්ඩුව කටයුතු කරන හිතුවක්කාරී ආකාරය නතර කරලා ජනතාවගේ හඬට කන් දී සෞඛ්‍ය අංශවල ආරක්‍ෂාව විශේෂයෙන්ම තහවුරු කරන්න ඕනෑ. විදේශ ගත වී මෙරටට පැමිණීමට බලාගෙන සිටින ලාංකිකයන් වෙනුවෙන් පහසුකම් සැලසීමට ආණ්ඩුව ක්‍රියා කරන්න අවශ්‍යයි.”

උපාලි කරුණාරත්න