28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිපක්ෂ කණ්ඩායම් රට තුළ උද්ඝොෂණ කරමින් කොවිඩ් රැල්ලක් ඇති කළා

විපක්ෂ කණ්ඩායම් රට තුළ උද්ඝොෂණ කරමින් කොවිඩ් රැල්ලක් ඇති කළා

විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ

අන්තර්ජාතික වුවමනාවලට අවශ්‍ය ලෙස කටයුතු කරන විපක්ෂ කණ්ඩායම් රට තුළ උද්ඝොෂණ සිදු කරමින් කොවිඩ් රැල්ලක් ඇති කළ බව විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විදුලිබල අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසිය.

“2015 දී මේ අය විදේශ රටවලට අවශ්‍ය දේ සිදු කළා. මෙයට සුමාන දෙකකට පෙර මේ අය වැඩවර්ජනය කළේ මේ රටේ කොවිඩ් තිබෙන බව නොදැනද?

මේ අයගේ ක්‍රියා කලාපයන් නිසා ජීවිත පවා අවාසනාවන්ත ලෙස නැති වුණා.ජනාධිපතිවරයා ඉවසීමෙන් තීරණ ගන්නා නිසා මේ අයට පෙරහර කරගෙන යෑමට හැකි වුණා.

එහි ප්‍රතිඵලය වුයේ කොවිඩ් රෝගය උත්සන්න වීමයි. අද ඒ අයම රට වහනවා කියනවා. ඉදිරියේදීත් මේ අය වැඩ වර්ජන මාලාවක් කරන බව කියා තිබෙනවා. කඩ වහලා මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් කියලා කවුරුන් හෝ හිතනවා නම් එය කළාට කමක් නැහැ. මේ අය දැන් ලජ්ජාව වසා ගැනීමට විවිධ දේ කරනවා.”

සුභාෂිණී සේනානායක