25 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන් හෙළි කළ යුතුයි

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන් හෙළි කළ යුතුයි

ටිල්වින් සිල්වා

පාස්කු දා ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වී ඇතත් අදාළ වගකිව යුත්තන් හඳුනා නොගැනීම විශාල ප්‍රශ්නයක් බවත් ඉතා ඉක්මනින් නිසි පරීක්‍ෂණයක් කර වගකිව යුත්තන් රටට හෙළි කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. ටිල්වින් සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ජාතික ජන බලවේගය ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. පාලකයන්ගේ කුමන්ත්‍රණ හඳුනා ගැනීමේ හැකියාව ජනතාවට තිබිය යුතු බවත් පැවසූ ඒ මහතා කුමන්ත්‍රණකරුවන් සොයා ගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට සහාය දෙන බවත් කීය.

උපාලි කරුණාරත්න