එජාප සභාපති හිටපු අැමැති වජිර අබේවර්ධන
කාබුල් නගරයේ තිබෙන අපේ තානාපති කාර්යාලය වහා ඉවත් කර ගෙන ඒ ආසන්නයේ ඇති වෙනත් රටකට ගෙනයා යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අැමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
තලෙයිබානුවන් පිළිගැනීම ත්‍රස්තවාදය නැවත ඇති කිරීමක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඇෆ්ගනිස්තානයේ මීට ඉහත අවස්ථාවලත් තලයිබානුවන් යම් යම් ප්‍රදේශ පාලනයන් කරමින් තිබූ අවස්ථාවලදී බාමියන් බුදු පිළිම කඩා බිඳ දමා විනාශ කළ බව මුළු ලෝක ප්‍රජාවම දන්නා කාරණයක්. ඒ වගේම ජිහාඩ්වාදී, ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් ඇෆ්ගනිස්ථානය තුළත් ක්‍රියාත්මක වී ඇති බව ඉතිහාසයේ කරුණු පවතිනවා.
විශේෂයෙන් අමෙරිකාවේ එක්තරා අවස්ථාවකදී සිදු වූ මහා ප්‍රහාරය සිදු කළ අල්කයිඩා සංවිධානය ක්‍රියාත්මක වුණේ ද ඇෆ්ගනිස්ථානය තුළයි. එවන් පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිටු දකින උදවියයි. ශ්‍රී ලංකාවේද ප්‍රධාන මුස්ලිම් ජන කොටස වන්නේ සුසී මුස්ලිම් පිරිසයි. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රධාන අරමුණ නම් ආගමික කණ්ඩායම් වැරදි ලෙස සැළකීම හා නොපිළිගැනීම, අනෙකුත් සංස්කෘතීන් නොඉවසීම හා නොපිළිගැනීම, මානව අයිතිවාසිකම් ගරු නොකිරීම, විවිධ ආගම්වලට ගරු නොකිරීම, නිරාගමික බවට එරෙහි වීම හා ප්‍රචණ්ඩකාරී වීම ඔවුන්ගේ ක්‍රියා පිළිවෙතයි. අල්කයිඩා, තලෙයිබාන්, ISIS වැනි අන්තවාදී ත්‍රස්තවාදීන්.
අල්කයිඩා, තලෙයිබාන්, ISIS හා මැද පෙරදිග සටන් කරනු ලබන අන්තවාදීන්ද මෙම අන්ධ දහම් භක්තිකයන්ය. මෙවන් පරිසරයක් තුළ ඇෆ්ගනිස්ථානය තුළ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය තුළ සිදුවන්නේ වක්‍ර මාර්ගයෙන් වුව ද ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වීමයි.
මෙම ක්‍රියාදාමය තුළින් එය ප්‍රධාන වශයෙන් බලපාන්නේ මුස්ලිම් රටවලටයි. විශේෂයෙන් යූහී වගේ සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අනාගතයට බලපානවා.
ශිරෝමි අබයසිංහ